වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් බරපතළ ලිංගික අතවර සිදු වූ අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් පිලිබද ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම දැරිය වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදුවන බරපතළ ලිංගික හිරිහැර ඉවසාගත නොහැකි ව කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ පසුගිය 26දා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ප්‍රදේශයෙන් පලායමින් සිටි සැකකාර පියා ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකි.
සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වන ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, එතැන් සිට වයස අවුරුදු 10 (2019) සිට මේ දක්වා පි විසින් අවස්ථා ගණනාවක දී ඇයව දූෂණයට ලක් කළ බවත් දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය පැවසීය.
මීට දින පහකට පමණ පෙර දැරියගේ මව කුලියට තේ දලු නෙළීම සඳහා ගම්පොල ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ද සැකකාර පියා විසින් දැරිය අවස්ථා කීපයකදී දූෂණයට ලක් කර ඇති අතර මෙලෙස පියාගෙන් දිගින් දිගටම සිදු වන ලිංගික ක්‍රියා ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් එම දැරිය පෙරේදා (26දා) ගල්නෑව පොලිසියට පැමිණ සියල්ල ප්‍රකාශ කළ බව පොලිස් ප්‍රකාශකයකු පැවසීය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම නිවස කරා වහා පිටත්ව යන විටත් සැකකාර පියා ප්‍රදේශය අතහැර පලා යමින් සිට ඇති අතර, පසුව පොලිස් උපාය දූතියක් මාර්ගයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා ඉපලෝගම පොලිස් වසමේ සඳුන්ගම දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
