ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් Uttarakhand හි Roorkee ප්‍රදේශයේදී දරුණු රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.
දෙහ්රාදූන් හි රෝහලක ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැහැ.
අද අලුයම 5.30ට පමණ ඔහුගේ මෝටර් රථය මෙලෙස දරුණු අනතුරකට ලක්ව ඇති බව එන් ඩී ටී වී මාධ්‍ය ආයතනය පවසනවා..
මෝටර් රථය අනතුරට ලක්වීමත් සමග එය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
