Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්

4 years ago

පාසල් ළමයින් පරීක්ෂා කළ යුත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පවසනවා.

ඒ අනුව නිකරුනේ පාසල් ළමයින් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා පමණක් ඉදිරියේ දී පාසල් ළමයින්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

එහි දැක්වුණේ පන්ති කාමරය මෙන්ම පාසල් පරිශ්‍රය දරුවන්ට ප්‍රියජනක ස්ථානයක් මෙන්ම මානසික තෘප්තියක් සහිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන බවයි.