ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙයි.
චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන විට රටවල් රැසක් කොවිඩ් පාලනය සඳහා යළි කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබේ.
“රෝගය අපිට බරපතළ ප්‍රශ්නයක් ලෙස පෙනුනේ නැති වුණාට මේ රෝගය අවසන් වෙලා නැති නිසා රෝගය නැවත වැඩිවීමට අවදානමක් නැතුවා නොවේ කියන එක මේ මොහොතේ මතක තබාගත යුතුයි. එයින් වැළකීමට කළ හැකි හොඳම දේ අපි මෙතෙක් කරගෙන ගිය සෞඛ්‍ය පුරුදු ඊටත් වඩා හොඳට ඒ ආකාරයෙන්ම සිදුකිරීම.”
මේ වන විට දෛනිකව මෙරටින් කොවිඩ් රෝගීන් 10 දෙනෙකු පමණ වාර්තා වන නමුත් සැකසහිත සියලු රෝගීන් පරීක්ෂා කිරීම් සිදුනොවීම හේතුවෙන් සමාජයේ යම් රෝගීන් සංඛ්‍යාවක් සිටිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
