Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ සිට එක පාසලකට විදුහල්පතිවරු සිවුදෙනෙක්! කලාප කාර්යාල සංඛ්‍යාවත් 120 දක්වා ඉහළට!

4 years ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට තිබෙන පාසල් වර්ගීකරණය සහ ජාතික පාසල් සංකල්පය ඉදිරියේ දී ඉවත් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

දැනට තිබෙන පාසල් වර්ගීකරණය කිසිවෙකුට නොතේරන බවත් ජාතික පාසල් සංකල්පය අද සමාජය දරුවො සහ රට සියල්ලම බෙදා වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව ලබන වසර මුල සිට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රධාන ක්ෂේත්‍ර 6 ඔස්සේ සිදු කිරීමට නියමිතය. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට පෙර එහි පරිපාලන ව්‍යුහය ශක්තිමත් විය යුතු බවත් එසේ නොමැතිව මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගමන් නොකරන බවද අමාත්‍යවරයා කීය. වසර 10 කදී මෙම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සම්පූර්ණ වන අතර ඉදිරියේදී මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ 1,2,3 යන ශ්‍රේණි ක්‍රමය වෙනුවට ප්‍රාථමික ද්විතීක Prirnary, Junior Secondary Senior Secondary) ආදී වශයෙන් ශ්‍රේණි නම් කරන බවයි.

ඒ අනුව 1 සිට 5 දක්වා ප්‍රාථමික 6 සිට 9 දක්වා ද්විතීක සහ 10 සිට 13 දක්වා උසස් අධ්‍යාපන වශයෙන් වර්ගීකරණය කරයි. ලෝකයේ අනෙක් රට වලද පිළිගත් ක්‍රමවේදය මෙය බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. ඒ අනුව එක් පාසලක් මෙම කොටස් තුන විදුහල්පතිවරු තිදෙනෙක් යටතේ පාලනය වේ. ප්‍රධාන විදුහල් පතිවරයා විසින් මෙම සියලුම කටයුතු අධීක්ෂණය කෙරේ

දැනට තිඛෙන පාසල් කළාප 100 ඉදිරියේදි 120ක් දක්වා වැඩි කරන බවද අමාත්‍යවරයා කීය උදාහරණයක් ලෙස කොළඹ කලාපයේ පාසල් 144ක් තිබෙනවා. 185,000ක් දරුවන් මෙම කොළඹ නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබනවා . ගුරුවරු 11,000 සිටිනවා තනි කළාප කාර්යාලයකට මෙම ලිපිගොනු සියල්ල සිදු කරන්න අමාරුයි. ඒ අනුව තවත් කළාප 20ක් එක් ඉදිරියේ දී අලුතින් එක් වීමට නියමිතය.