Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නැවතත් කොවිඩ් අවදානමක්! වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ ඉල්ලීමක්!

4 years ago

ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවය.

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන විට රටවල් රැසක් කොවිඩ් පාලනය සඳහා යළි කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබේ.

ඉන් ශ්‍රී ලංකාවට පවතින බලපෑම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“රෝගය අපිට බරපතළ ප්‍රශ්නයක් ලෙස පෙනුනේ නැති වුණාට මේ රෝගය අවසන් වෙලා නැති නිසා රෝගය නැවත වැඩිවීමට අවදානමක් නැතුවා නොවේ කියන එක මේ මොහොතේ මතක තබාගත යුතුයි. එයින් වැළකීමට කළ හැකි හොඳම දේ අපි මෙතෙක් කරගෙන ගිය සෞඛ්‍ය පුරුදු ඊටත් වඩා හොඳට ඒ ආකාරයෙන්ම සිදුකිරීම.”

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විහේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සදහන් කරන්නේ දැනට ලොව පුරා රටවල් කීපයක් පැතිර යන ඔමික්‍රොන් නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට ඇති එකම විසදුම එන්නත්කරණය බැවින් එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති අය වහාම සයිනොෆාම් එන්නත ලබා ගෙන තමන්ගේ එන්නත්කරණය සම්පූර්ණ කර ගන්නා ලෙසයි.

සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙතින් සහ රෝහල් වලින් මෙම එන්නත ලබා ගත හැකි බැවින් වර්ධක මාත්‍රාවන් සහ ප්‍රාථමික එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති සියලුම දෙනාට එන්නත ලබා ගත හැකි බව අධ්‍යක්ෂවරයා පැවසීය.

වර්ධක මාත්‍රාව ලෙස ලබා දුන් ෆයිසර් එන්නත කල් ඉකුත් වී ඇති බැවින් සයිනොෆාම් එන්නත ලබා ගත හැකි බව බෝවන රෝග පිලිබඳ විද්වත් කමිටුව තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.