පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසකට මේ සම්බන්ධයෙන් දන්වා ඇත.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ට වරමක් ලැබී ඇත්තේ ඡන්ද පැවැත්වීමට නොව රටේ වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩගැනීමට බවය.
එම වරමින් පිටතට ගොස් ක්‍රියාකිරීමට සුදානම් නොමැති බවයි ඔහු එජාපයේ නායකයින් පිරිසට දැනුම් දී ඇත්තේ
