Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල යළි ඉහළට ?

4 years ago

ඉන්ධන මිලේ වැඩිවීමක් නුදුරේදීම සිදුවිය හැකි යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම මිල ඉහළ යෑම ඉන්ධන මත පනවා තිබූ තීරු බදු වැඩි කිරීම නිසා සිදුවිය හැකි බව එම ආරංචි මාර්ග කියා සිටී. 

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 මත තිබූ රුපියල් 27ක තීරු බද්ද රුපියල් 52 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා(03) කටයුතු කර තිබිණි.

එමෙන්ම සූපර් ඩීසල් මත පනවා තිබූ රුපියල් 13ක් වූ තීරු බද්ද රුපියල් 38 දක්වා ද ඉහළ දමා තිබේ. 

මෙම මිල ඉහල දැමීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයිඑම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.