Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ගැන විශේෂ නිවේදනයක්

4 years ago

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවය.

විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කළයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර 2022 වසර සඳහා වන අ.පො.ස. සා.පෙළ විභාගය මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

විභාගය පැවැත්වෙන නිෂ්චිත දින වකවානු අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසන් අනුමැතියෙන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.