Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ මග යන කතුන්ට විසිල් ගසා නිරුවත පෙන්වූ තරුණයාට ලැබුණු දඬුවම

4 years ago

මහා මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට විසිල් ගසා නිරුවත පෙන්නු සැකකරුව එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 03 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු නියම කළාය.

මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙලෙස ඇපමත මුදාහැරුණි.

සැකකරු ඔහුගේ නිවස ආසන්නයේ නිරුවතින් සිට මහා මාර්ගයේ ගමන් කරමින් සිටින කාන්තාවන්ට කටින් විසිල් එකක් ගසා ඔහු සිටින දෙසට කාන්තාවන්ගේ අවධානය යොමු කරවාගෙන නිරුවත පෙන්වා ඇති බව අධිකරණයේදී වාර්තා විය.

ප්‍රදේශයේ පදිංචිකාරියන් තිදෙනකු අවස්ථා තුනකදී කළ පැමිණිලි මත මිනුවන්ගොඩ පොලිසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.