Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 10ක දැරියකට හදි කළ ප්‍රසිද්ධ උපකාරක පංති ගුරා

4 years ago

උපකාරක පන්තියකට සහභාගි වූ වයස අවුරුදු 10 ක ගැහැණු දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන  ප්‍රදේශයේ දී අද (08) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය  ගුරුවරුවරයෙකි. සැකකරුටද එවැනිම වයසේ දියණියක් සිටින බව පොලිසිය කියයි.

අතවරයට ලක්වූ දැරිය ද සැකකාර ගුරුවරයා විසින් පැවැත්වු එම උපකාරක පන්තියට සහභාගි වී ඇති බව පවසන පොලිසිය එහිදී මෙම අතවරය සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කියයි.

පන්තිය පැවති අවස්ථාවේ දී තමන් අතවරයට ලක්කළ බව දැරිය විසින් එදිනම නිවසට පැමිණ මව්පියන්ට පවසා ඇති බවත් දැරියගේ මව්පියන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිහඬව සිට ඇති බවත් පොලීසිය පවසයි. -ලංකාදීප-