උඩුදුම්බර – වුඩ්සයිඩ් ජනපදය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ අරවුලකදී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පැවසුවේ තියුණු ආයුධවලින් පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවූ දෙමටගස්තැන්න මැද මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
ඊයේ (08) රාත්‍රියේ මරණකරුගේ පියා සහ මව පදිංචිව සිටින නිවස අසල සිටින පිරිසක් සමග මෙම ගැටුම සිදුව තිබේ.
එහිදී මරණකරුගේ පියා සහ සහෝදරයෙකු ද බරපතළ තුවාල ලබා රෝහල් ගත තිබේ.
ඝාතනය සම්බන්ධ සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහු ද කැපුම් තුවාල සහිතව තෙල්දෙණිය රෝහලේ පොලිස් ආරක්ෂාව ඇතිව ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
