අළුයම් කාලයේ නිවසකට ඇතුළු වී මදුරු දැලේ කොටසක් කපා රන්මාලයක් කඩා ගැනීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඒ හසලක ප්‍රදේශයෙන්.
ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයකුගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන එම සොරා පලාගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී සැරයන්වරයාගේ බිරිඳ සමග ඇගේ දරු දෙදෙනා ද නිදාගෙන සිට ඇති බවයි පැවසෙන්නේ.
ඉතාමත් සූක්ෂම ආකාරයට ගෙට ඇතුළු වී ඇයට නොදැනෙන ආකාරයට ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසනවා.
