පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, අනුර ප්‍රියදර්ශන යාපාගේ මූලිකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග පක්ෂ කිහිපයක් එකතු වී නව දේශපාලන සන්ධානයක් බිහිකර තිබෙනවා.
එම සන්ධානයේ ඡන්ද සළකුණ ලෙස ‘හෙලිකොප්ටරය’ තෝරාගෙන ඇතැයි ද වාර්තා වේ.
මෙම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කොට තිබේ.
ඒ අනුව, 2023 පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පිහිටුවා ඇති මෙම නව සන්ධානය පිහිටුවීමේ සමාරම්භක උළෙල 2023.01.11 වෙනි දින එනම් හෙට පස්වරු 3.30 ට එක්සත් ජනතා නිදහස් සංධාන මූලස්ථානයේ දී පැවැත්වෙන බව එහි මහලේකම් තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
