Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම වැටුප් හිමියන්ට දැනුම්දීමක්

4 years ago

ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.

ඒ අනුව ඊයේ දිනයේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වූ විශ්‍රාමිකයින් හට අද දිනයේ එම වැටුප ලබාගැනීමට හැකි බවයි පවසන්නේ.

ඔහු සඳහන් කළේ භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය හේතුවෙන් මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ කොටසකට පමණක් විශ්‍රාම වැටුප් හිමිව ඇති බවට තොරතුරු වාර්තා වේ.

විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2600 කි.