Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මා ජනපති වූ ගමන් ජනපති කාර්යාලයේ හා අගමැති කාර්යාලයේ IT පංති දානවා – සජිත් ප්‍රේමදාස

4 years ago

සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ විසුම්පාය තොරතුරු තාක්ෂණ ඉංග‍්‍රිසි බසින් නොමිලේ උගන්වනු ලබන ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ගොඩනැගිලි ශ්‍රී ජයවර්ධනපුර ගෙන යන බවද පැවසූ ඔහු බංකොලොත් රටවලට මන්දිර දේශපාලනයක් උවමනා නැතැයිද කියා සිටියා.

තම පාලනය යටතේ ජනාධිපති අගමැති මන්දිරවල සිදු කරන සුඛෝපභෝගී දේශපාලනයක් අවසන් කරන බවද හෙතෙම සඳහන් කළා.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කළේ උත්සව සභාවක් අමතමින්.