Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම අමාත්‍යාංශයන්හි ප්‍රතිපාදන කපා හරිමින් නව චක්‍රලේකයක්

4 years ago

අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව එක් එක් අමාත්‍යාංශවලින් කපා හැරිය යුතු 5% ක් වූ ප්‍රතිපාදන ප්‍රමාණයන් මේ වනවිට සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය ණයවලින් බැවින් මෙම 5% ක් අඩු කිරීම මගින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබාගත යුතු ණය ප්‍රමාණය අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.