Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාකියන්ගේ 5G සිහිනය යළිත් බොඳ වෙයි

4 years ago

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය වසරේදී සඳහන් කළේ 2023 වර්ෂය තුළදී මෙරට 5G තාක්ෂණයට අදාළ වාණිජ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

නමුත් COVID-19 වසංගතයෙන් පසුව ඇති වූ ගැටළු සහ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ 5G ජාලය යෙදවීම අවම වශයෙන් තවත් වසරකින් ප්‍රමාද වනු ඇති බවට දුරකථන සන්නිවේදන සමාගම් පවසනවා.

Hutchison Telecom Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා පවසන්නේ 5G ජාලය යෙදවීමට 4G ජාලය යෙදවීමට වැය වූ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වැය වන බවයි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ 5G ජාලය පිහිටුවීම ඊළඟ වසරට ප්‍රමාද කළත් ඒ වන විටත් එය ඉක්මන් වැඩි බවක් ය. මන්දයත් රට තුළ Smartphone භාවිතය ආසන්නව 50% ක් පමණ වන අතර ජනගහනයෙන් අඩකට පමණ 3G දුරකථනයක් වත් නොමැති නිසා බවයි.

5G ජංගම දුරකථන අතිශයින් සීමිත සහ මිල අධික බැවින්, 5G ජංගම දුරකථනයක් සහ සේවාවන් භාවිතා කිරීමට හැකි පුද්ගලයින්ගේ ගණනද ඉතා සීමිත වනවා.

ජනතාවට මූලික Broadband සම්බන්ධතාවයන් හොඳින් භාවිතා කිරීම සඳහා Broadband සම්බන්ධතාව පුළුල් කිරීමට පියවර ගැනීම මෙයට වඩා හොඳ වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.