මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් මෙරට පාසල් නිල ඇඳුම් සඳහා වන රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී අද (13) සිදුකෙරුණා.
ඒ අනුව 2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.
2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වන විට දිවයින පුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන් ම පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41 ක් වූ දරුවන් සහ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ.
සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත ය.
