ඉදිරි පළාත්පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක හමුවක් අද (15) පස්වරුවේ කොළඹ දී පැවැත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.
ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන්.
මෙම හමුවේ දී පසුගියදා හෙලිකොප්ටරය ලකුණින් පිහිටවූ නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්වන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
එම සන්ධානයෙන් ඉවත්වන්නැයි අභ්‍යන්තර පාර්ශවයන්ගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද සඳහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් අත ලකුණින් ඇතැම් පළාත්පාලන ආයතනවලට නාමයෝජනා භාරදීමට සැළසුම් කර ඇති බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
