Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කපුවාගෙන් දැරියට අපූරු සාන්ති කර්මයක්!

4 years ago

අපලයක් දුරු කිරීමට ශාන්ති කර්මයක් කර ගැනීමට දොම්පේ  දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් වයසැති දැරියක් එම දේවාලය තුළ දී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම දේවාලයේ කපුවා දොම්පේ පොලිසිය විසින් පෙරේදා 14 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්හත් හැවිරිදි අයෙකි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල්ගත කරනු ලැබුවාය.

කපුවා ගෙන් සිදු වූ බව කියන අතවරය ගැන දැරිය පියාට ඒ අවස්ථාවෙම පවසා ඇතත් ඔහු ඒ ගැන නොසලකා හැර ඇති බවට තොරතුරු  අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ බව හෙළි වීමෙන් පසු දැරියගේ පියා ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර පියා දියණියට ඇති බව කියන අපලය දුරුකර ඇයට ශාන්තිකර්මයක් කර ගැනීමට සහ නිවසට දේව ආරක්ෂාව ලබා ගැනීමට දියණිය ද කැටිව දොම්පේ පොලිස් වසමේ පිහිටි දේවාලයකට රැගෙන ගොස් ඇත.

බාලවයස්කාර මෙම දැරියට ඇතැයි කියන අපලය දුරු කරන්න බව කියා ඇය පමණක් දේවාලය ඇතුලට කපුවා විසින් කැඳවා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-