Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොවිඩ් දරුණුයි! මාස්ක් දාන්න! සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්!

4 years ago

කොවිඩ් නව රැල්ලෙන් බේරීම සඳහා නැවතත් සියලුදෙනා මුව ආවරණ පැළඳීම ඇතුලු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ වනවිට චීනය ඇතුළු රටවල් කීපයකම කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙසේද කියා සිටියේය.

මේ ලංකවේ ජනතාව කොවිඩ් නිසා අවුරුදු 2 ක් බැටකෑවා කියන එක අමතක වෙලා. බොහෝ අය මහමඟ බස්වල මාස්ක් පළඳින්නේ නැහැ. සැනිටයිසර් භාවිතා කිරීම, අත්සෝදන එක, මීටරයක පරතරය තබාගෙන කටයුතු කරන එක බොහෝ දෙනෙකුට අමතක වෙලා. මේ තත්ත්වය තුළ යළි කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා හැමදෙනාම ආයෙමත් මේ රෝගය රට තුළ පැතිරෙන්නෙ නැතිවෙන්න සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා ඉල්ලා සිටිනවා.
(දිවයින – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්)