Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩ 15ක බඩු උස්සා පාසල් ගුරෙක් තමන්ගෙම කියා කඩයක් දාලා! “සියලුම බඩු එකම වහලක් යටින්” කියා බෝඩ් එකකුත් ගහලා!

4 years ago

වෙළඳසැල් පහළොවක් බිඳ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වියළි ආහාර ඇතුළු භාණ්ඩ සොරකම් කොට ඇති පුවතක් කලුතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු රජයේ පාසලක ගුරුවරයෙකු බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඔහු විසින් මෙලෙස සොරකම් කරන ලද භාණ්ඩ එකතු කරගනිමින් ඔහුගේම කියා වෙළඳසැලක්ද  බණ්ඩාරගම ප්‍රදේශයේ  පවත්වාගෙන ගොස් තිබෙනවා.

” සියලු භාණ්ඩ එකම වහලක් යටින් ” යනුවෙන් වූ දැන්වීම් පුවරුවක්ද ඔහු එම වෙළෙඳසලේ සවිකර ඇති අතර ඔහුගේ මෙම සොරකම් වලට තවත් පුද්ගලයෙකුද සහාය වී තිබෙනවා