Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

23 හැවිරිදි ඉන්දීය පිතිකරුගෙන් ද්විත්ව ශතකයක්

4 years ago

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shubman Gill ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ද්විත්ව ශතකය රැස්කිරීමට අද සමත්විය.

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අද පැවැත්වෙන පළමු තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දැක්වීය.

පන්දු 149කට මුහුණදෙමින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 208කි.

ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් විය.

ඒ අනුව එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා වන්නේද 23හැවිරිදි වියේ පසුවන Shubman Gillය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස්කර ගැනීමට සමත්විය.