Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරච්චිකට්ටුව සමූපකාරය ඡන්දයෙන් සනත් නිශාන්තට අන්ත පරාජයක්! අපේක්ෂකයින් 19 දෙනා අතරින් 11වෙනි තැනට වැටෙයි!

4 years ago

ඊයේ (17) පැවති ආරච්චිකට්ටුව සමුපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඉන් පරාජයට පත් ව තිබෙනවා.

ඔහු ආරච්චිකට්ටුව සමූපකාරයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයෙන් අංක 09 යටතේ ඡන්දයට ඉදිරිපත් ව ඇති අතර, එම ප්‍රාදේශිකයෙන් තෝරා ගනු ලබන කාරක සභිකයන් ප්‍රමාණය 09 ක්

එම 09 දෙනාගෙන් වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සභිකයින් 06 දෙනෙකු ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ කාරක සභික අපේක්ෂකයන් 09 දෙනාගෙන් බව සඳහන්.

අනෙකුත් තිදෙනා තේරී පත් ව ඇත්තේ, පොහොට්ටු පක්ෂයෙන් වන අතර, එම තිදෙනා අතරට ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත තේරී පත්ව නැති අතර කාරක සභික අපේක්ෂකයන් 19 දෙනා අතරින් රාජ්‍ය ඇමති සනත් නිශාන්තට හිමි ව ඇත්තේ 11 වෙනි ස්ථානයයි.
-hirunews-