මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි වියේ පසුවූ මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඝාතකයන් විසින් අනතුරුව ඇයගේ නිවසට ද ගිනි තබා පළාගොස් ඇත.
අදාළ කාන්තාව කපා කොටා ඝාතනය කර ඇති බවට සැකපළකරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති ශාන්ති පදිමිණී නමැති කාන්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
