Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තාවක් ලෙසින් පොලිසියට ආ අයෙක් පිරිමියෙක් ලෙස උසාවියට

4 years ago

විදේශ රැකියා ලබාදෙන බව මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් පිරිමි හැදුනුම් පතක් ඉදිරිපත් කිරීමත් සමඟම පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පුදුමයට පත් කිරීමේ සිද්ධියක් පිළියන්දල පොලිසියෙන් වාර්තා වේ.

ඩුබායි රටේ රැකියාවකට ඉතා ඉක්මනින් යවන බව පවසා පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවකට රුපියල් පන්ලක්ෂ හැට දහසක මුදලක් ලබා දුන් බවත් මේ වන විට මාස හතක් ගතවී ඇතත් දිනෙන් දින කල් යවමින් එය ඉටු නොකළ බව පවසමින් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණිලි කර තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව අදාළ කාන්තාව පිලියන්දල පොලිසියේ අපරාධ අංශය වෙත කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමන් වෙත පැමිණිලිකාර පුද්ගලයන් මුදල් ලබා දුන් බවත් තමන් අතරමැදියෙක් පමණක් බවත් එම මුදල් විදේශ ගත කිරීමට පොරොන්දු වූ තමන් දන්නා හඳුනන පිළියන්දල ප්‍රදේශයේ ම කාන්තාවකට ලබා දුන් බවත් ඇය විසින් ප්‍රකාශකර තිබූ බව පොලිසිය කියයි.

අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි පොලිස් නිලධාරිනියක් අමතා කාන්තාවගේ එම ප්‍රකාශය සටහන් කරගෙන  මුදල් ලබාගත් බව කියන කාන්තාව පොලිසියට කැඳවීමට වහාම පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව කාන්තාවගේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව ඇය මුදල් දුන් බව කියන කාන්තාවගේ ජංගම දුරකථන අංකය ලබාගෙන වහාම පස්වරු 4 ට පිලියන්දල පොලිසියේ අපරාධ අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමට පොලිස් නිලධාරිනිය පියවර ගෙන තිබිණි.

පස්වරු 4ට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසුණ කාන්තාවක් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිටි අතර පැමිණිලිකරුවන් ද කැඳවා පැමිණිල්ල විභාග කිරීමේ දී ඇය විදේශ ගත කරන බව පවසා මුදල් ලබා ගත් බව පිළිගෙන තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරිනියක් කැඳවූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස කළ දැනුම්දීමක් අනුව එම නිලධාරිනිය ඇයගෙන් හැඳුනුම්පත ඉල්ලාගෙන එහි තිබෙන නම සටහන් කිරිමට පරික්ෂා කිරීමේදී පිරිමි නමක් එහි දකින්නට ලැබීමත් සමගම එහි තිබෙන ඡායාරූපය දෙස බලා කාන්තාව දෙස බැලීමේදී හැඳුනුම්පතෙහි තිබෙන ඡායාරූපය ම එම කාන්තාවගේ රුව බවට දැකීමෙන් වික්ෂිප්තභාවයට පත් වූ නිලධාරිනිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමුවට ගොස් ඒ පිළිබඳ පවසන්නට විය.

පොලිස් නිලධාරිනියගේ එම ප්‍රකාශයත් සමඟම නිරතවී සිටි කාර්යය මඳකට නතර කල අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මුදල් වංචා කළ බව කියන කාන්තාවක් කැඳවා තමුන් මොකද පිරිමි හැදුනුම්පතක් තියාගෙන ඉන්නේ යනුවෙන් ප්‍රශ්න කිරීමේදී තමන් හෝමෝන විපර්යාසයකට මීට මාස කීපයකට ඉහතදී ලක්වූ බවත් ඒ පිළිබඳ ග්‍රාම නිලධාරි වරයාට දැනුම් දී හැඳුනුම්පතක් ද සකස් කළ බවත් ප්‍රකාශ කර තිබිණි.

‍එම ප්‍රකාශයක් සමඟම පොලිස් නිලධාරියෙක් කැඳවූ ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබිණි.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
-aruna-