Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට මරණ තර්ජන

4 years ago

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙක් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන කේ.පී.පී. පතිරණ හා විශ්‍රාමික භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක් වන එස්.බී. දිවාරත්න යන කොමිසමේ සමාජිකයන් දෙදෙනාටට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන කේ.පී.පී. පතිරණ හා විශ්‍රාමික භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක් වන එස්.බී. දිවාරත්න යන කොමිසමේ සමාජිකයන් දෙදෙනාටට එම ධූරවලින් ඉවත්වන ලෙසට මරණ තර්ජන එල්ල කරමින් දුරකතන ඇමැතුම් ලබාදුන් බවට පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

තර්ජනය කළ පිරිස තමන් අරගලයේ සංවිධානයේ පිරිස් ලෙස පෙනී සිට ඇතැයි ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන ලෙසත් සමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්වන ලෙසත් ඇමැතුම ලබාදුන් පුද්ගලයන් තර්ජනය කර ඇති බවත් වාර්තා වනවා.

“අස් වෙයල්ලා, පවුල් පිටින් මරනවා” යනුවෙන් අදාළ දුරකථන ඇමතුම් හරහා තමන්ට තර්ජනය කළ බව යි නිලධාරින් දෙදෙනා පවසන්නේ.

මේ හේතුවෙන් අදාල නිලධාරින් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබා දීමට තීරණය වී ඇති අතර, දුරකථන ඇමතුම් හරහා සි.අයි.ඩී විමර්ශන ද ආරම්භ කර ඇති බව සඳහන්.

පෙරේදා (18) මෙම දුරකථන ඇමතුම් දෙක අදාළ නිලධාරින්ට ලැබී තිබෙන අතර, තර්ජනය කළ පිරිස තමන් අරගලයේ සංවිධානයෙන් කියා පැවසූ බව ද වර්තා වනවා.