ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබෙනවා.
ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි පවසා ඇති මහේස්ත්‍රාත්වරයා, ආයුර්වේද පනත පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බව සඳහන්.
මේ අනුව කංසා හෙවත් ගංජා නොමැතිව මදන
මෝදක නිෂ්පාදනය කළ නො හැකි බවත් එවැනි මදන මෝදක ළඟ තබා ගැනීම හෝ විකිණීම කරන පුදගලයන් අත් අඩංගුවට ගැනීමට පොලිසියට කිසිදු බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.
මදන මෝදක 22ක් ළඟ තබාගෙන සිටි පුද්ගලය එරෙහි ව පනවා තිබූ නඩුවක් විභාග කරන අ යි මහේස්ත්‍රාත්වරයා මේ බව අවධාරණය කර තිබුණේ.
