නුවරඑළිය – නානුඔයේ දී මීට ටික වේලාවකට (20) පෙර මාරක අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ.
නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු රදැල්ල බෑවුම් පෙදෙසින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.
බස් රථයෙහි තිරිංග තද නොවීම මත, පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසු පසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙක ඇති ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.
මෙලෙස බස් රථය පෙරළී ඇත්තේ මීටර් 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ගැන මෙතෙක් නිශ්චිත ව තහවුරු වී නැති බව එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
අනතුරින් බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නැති අතර, දැඩි හානි සිදුව ඇත්තේ වෑන් රියෙහි ගමන් කළ පිරිසට බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.
කෙසේවෙතත් සිද්ධිය සිදු වූ ස්ථානයට මේ වන විට නානුඔය පොලිසියෙන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර, තුවාල ලැබූ හා ජීවිතක්ෂයට පත්වූවන් රෝහල්ගත කිරීමේ මෙහෙයුම් කඩිනමින් සිදුවෙමින් පවතින බවත් වාර්තා වනවා.
(උපුටාගැනීම – හිරු නිව්ස් වෙබ් අඩවියෙනි.)
