Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිලා රංචුවක් නිසා කාන්තාවකට දිවි අහිමි වෙයි

4 years ago

සියඹලා ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි.

අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට ඊයේ (19) සවස රිලා රංචුවක් පැමිණ ඇති අතර, උන් එලවීම සඳහා අදාළ කාන්තාව නිවසට පිටුපසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කාන්තාව නිවස පිටුපස පිහිටි සියඹලා ගසක් යටට ගිය මොහොතේ සියඹලා ගසේ සිටි රිලවුන් එහි අත්තක් සෙලවීමත් සමඟ එය ගස යට සිටි කාන්තාවගේ හිසමතට කඩා වැටී තිබෙනවා.

සියඹලා අත්ත හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගලේවෙල දිසා රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.