Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් බස්රථයක් පෙරළෙයි! 20ක් තුවාල ලබයි!

4 years ago

මඩොල්කැලේ හරහා පන්විල දෙසට ධාවනය වෙමින් තිබූ පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මගීන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (20) පස්වරුවේ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන විට 28 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති අතර එයින් කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මඩොල්කැලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය සඳහන් කළේය.

බස් රථයේ තිරිංග අක්‍රීයවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.