Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේවයෙන් ඉවත් කරන රාජ්‍ය සේවකයින්ට වන්දි දෙන්නේ මෙහෙමයි

4 years ago

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉවත් කෙරෙන සේවකයන්ට වන්දි ලබා දීම සඳහා එම ආයතනවලට අයත් දේපොළ විකිණීමට රජය තීරණය කර තිබේ.

දේපොළ විකිණීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි. ආයතන ඒකාබද්ධ කිරීමේ තීරණ ගැනෙන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවකිනි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ යන්ත්‍රෝපකරණ සමාගම ඒකාබද්ධ කිරීමට කමිටුව දැනටම තීරණය කර තිබේ. මීට අමතරව ප්‍රධානම ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීමට ද කමිටුව තීරණය කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒකාබද්ධ කිරීමට හඳුනාගැනෙන ආයතනවල තවදුරටත් සේවයේ තබා ගත යුතු සේවකයන් සම්බන්ධ තීරණය කිරීමට එම ආයතනවලටම අවස්ථාව ලැබෙන අතර එවැනි කටයුතු සඳහා මාස හයක කාලයක් පමණක් ලබා දෙයි. අත්‍යවශ්‍යම කාර්ය මණ්ඩල පමණක් තබා ගත යුතු බවට ද එම ආයතනවලට උපදෙස් දෙනු ලැබ ඇත.
-අරුණ-