අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්‍රමාණය සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව දිනකට සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යන සිසුන් පස්වරු 6ට පෙර යළි අදාළ පාසලට රැගෙන ආ යුතු වනවා.
ඉදිරියේදී පාසල් සිසුන් රැගෙන යන අධ්‍යාපන චාරිකා සඳහා තෝරාගන්නා ප්‍රදේශ පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමටද නියමිතව තිබෙනවා.
නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් හා අධ්‍යාපන බලධාරීන් වෙත කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.
එලෙස නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත්තේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ නුවරඑළිය නානුඔය රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක් වීම හේතුවෙන්.
