Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණයාට උප්පැන්නයක් නැති නිසා විවාහ වීමට බැරි වෙතැයි සිතා තරුණ පෙම් යුවළක් සිය දිවි නසා ගනී

4 years ago

තංගල්ල- මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ යුවලක් මියයෑමේ සිද්ධිය සියදිවි හානිකර ගැනීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

අදාළ හෝටලයේ කාමරයක් තුළ තිබී ඔවුන්ගේ මළ සිරුරු ඊයේ (23) සොයාගත් අතර මෙලෙස මියගොස් තිබුණේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයකු සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියකි.

අදාළ තරුණයා එම හෝටලයේම සේවය කර ඇති අතර, ඔහු පෙරේදා රාත්‍රියේ මෙම තරුණිය සමග හෝටලයට පැමිණ අදාළ කාමරයේ රැඳී සිට තිබෙනවා.

මියගිය තරුණිය සමග ඔහු ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර, මියයෑමට පෙර ඔවුන් දෙදෙනා ලියන ලද ලිපියක් ද කාමරය තුළ තිබී සොයා ගැනුණා.

එහි දක්වා ඇත්තේ තරුණයාට උප්පැන්න සහතිකයක් නොමැති වීම නිසා විවාහයට බාධා පැවතීම මත දෙදෙනාගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නා බවයි.

අදාළ තරුණයා එම හෝටලයේම සේවය කර ඇති අතර, ඔහු දිනක විවාහ වී හෝටලයෙන් යතැයි පැවති බිය නිසා කිසිවකුත් ඔහුගේ උප්පැන්නය සාදා දීමට ඉදිරිපත් නොවූ බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ තරුණිය සහ තරුණයා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරු ඥාතීන් වෙත භාර දී තිබෙනවා.
-hirunews-