Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත සිර දඬුවම්

4 years ago

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු  වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණි.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.