2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ජනවාරි 27 වැනි සිකුරාදාට පෙර නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසුවා.
විභාගයට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් විශ්වාස නොකරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
