ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ හරහා වෙළෙඳපොළ පුළුල් වීම සඳහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවයි මහ බැංකු නිළධාරීන් පවසන්නේ.
පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළෙඳපොළ හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකු නිලධාරීන් සමග ඊයේ (23) පැවති සාකච්ඡාවකදී එම නිළධාරීන් මේ බව සඳහන් කළා.
මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහ බැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවය.
