Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉහළ දැමූ ණය පොළී අනුපාත පහළ දැමීමට රාජ්‍ය බැකුවකින් තීරණයක්

4 years ago

ණය පොළී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අත්හිටුවීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ.

වෙළදපොළ පොළී අනුපාත ඉහළ යාමට සාපේක්ෂව දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොළී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව පසුගිය දා තීරණය කර තිබිණි.

මේ අතර, ලංකා බැංකුව ද ණය පොළී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගිය දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොළී අනුපාත 15%ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර ස්ථාවර පොළී අනුපාත යටතේ නිකුත් කර තිබුණු ණය පහසුකම්වල ද පොළිය ඉහළ දැමීමට පියවර ගෙන තිබිණි.

එමෙන් ම, ඇතැම් පෞද්ගලික බැංකු ද ස්ථාවර පොළී අනුපාත යටතේ නිකුත් කර තිබුණු ණය පහසුකම්වල පොළිය ඉහළ දැමීමට පියවර ගෙන තිබිණි.