Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයින්ට සුබ පණිවිඩයක්

4 years ago

නියමිත පරිදි සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද(25) දිනයේ ගෙවීම සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මීට පෙර තීරණය කර තිබුණේ විධායක ශ්‍රේණිවල වැටුප් එක් දිනකදිත් විධායක නොවන ශ්‍රේණිවල වැටුප් තවත් දිනකදීත් වශයෙන් දින දෙකක් තුළ ගෙවීමටයි.

නමුත් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප අද (ජනවාරි 25) දිනයේ ලබාදීමට පියවර ගන්නා බවයි.