පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි සිය දියණියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවක, ඇතුළු 6 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
සැකකරුවන් අතර දැරියගේ මව, ගණිකා ජාවාරම මෙහෙයවූ තවත් කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
බාලවයස්කාර දැරියක මෙලෙස වැඩිහිටි පුද්ගලයන්ට අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
එම අවස්ථාවේදීයි ගණිකා ජාවාරම මෙහෙය වූ තවත් කාන්තාවක් මෙන්ම දැරිය සමග ලිංගිකව හැසිරුණු පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ. සැකකරුවන් පානදුර, කෙසෙල්වත්ත, සහ ගොරකාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අතර 84 හැවිරිදි ලියවන පට්ටල්කරුවෙකු, මාළු වෙළෙන්දෙකු, හාඩ්වෙයාර් හිමිකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු ද වන බවයි පොලීසිය සදහන් කළේ.
ජාවාරම මෙහෙය වූ කාන්තාවක විසින් ඇයව වැඩිහිටි පුද්ගලයින්ට අලෙවි කර හෝටල් කාමර වලට සහ නිවෙස් වලට රැගෙන ගොස් මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, දැරිය සහ මව පානදුර- ගොරකාන ප්‍රෙද්ශයේf කුලී නිවසක පදිංචිව සිට තිබෙනවා.
මෙම දැරිය ඉගෙනීමට දක්ෂ සිසුවියක් බවත්, ඇය එම ස්ථානයේ සිට පාසල් ද ගොස් ඇති අතර අවුරුදු 13 ක කාලසීමාවේ සිට මවගේ අනුබලය ඇතිව මෙලෙස ගණිකා ජාවාරමේ යෙදී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.