සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දන්වා තිබෙනවා.
මේ අතර පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති රැස්වීමකට සහභාගී වූ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඔවුන් එකඟ නොවූ ලිපි ලේඛන දෙකකට අත්සන් කරන ලෙස බලපෑම් කළ බව හෙළි කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් නිලධාරීන්ට බලපෑම් කළ බවත්, ඔවුන්ට සිර දඬුවම් දෙන බවට තර්ජනය කළ බවත් අමාත්‍යවරයා විසින් ඊයේ (27) Twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.
