අනුරාධපුර රුවන්වැලි මහ සෑයේ ඇති විහාර මහා දේවී ප්‍රතිමාවට පළඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළව තිබූ වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම
පියවර ගෙන තිබුණා.
මීට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයේ පසුගිය දින කිහිපයේ සැරිසැරූ අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසු බලධාරීන්ට දැනුම්දී ඒවා ඉවත් කළ බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ.
