Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්

4 years ago

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන්ගේ ඔවුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ ජනාධිපතිවරයා වෙත එලෙස ලිපියක් යොමු කර තිබුණි

ඔහු සඳහන් කළේ, මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති නිසා එම ලිපිය යොමු කළ බවය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇතැම් ආයතනවලින් සහයෝගය දීම මන්දගාමී බවත් මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.