Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු බීමතින් සිසුවෙකුට කණෙන් ලේ ගලන්න පහර දෙයි

4 years ago

කොළඹ ප්‍රදේශයේ පාසලක පැවති පිරිත් පින්කමක දී එහි ගුරුවරයකු බීමතින් උසස්පෙළ සිසුවකුට පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

පිරිත් පිංකම පැවතෙද්දී අලුයම දෙකයි තිහට පමණ පැමිණි ගුරුවරයා සිසුවා නිදා සිටි බවට චෝදනා කරමින් ඔහුට පහර දී ඇතැයි ද ඒ හේතුවෙන් ඔහුගේ කන ඇතුලත තුවාල වී ලේ ගැලීමක් සිදුව ඇති බවද කොම්පඤ්ඤවීදිය පොලිසියට කර ඇති පැමිණිල්ලේ දැක්වෙයි.

නිදා සිටි සිසුන් කිහිප දෙනෙකුටම එම ගුරුවරයා පහරදී ඇති බවත් තම පුත්‍රයා ගේ මුහුණ හා කම්මුල් ප්‍රදේශයට තදබල ලෙස පහර දී ඇති බවත් මව විසින් කළ පැමිණිල්ලේ සඳහන්ය.