Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපවත් වූ හිමිනමගේ දේපළ බෙදාගන්න හිමිවරු මරාගනී! තුවාල ලැබූ දෙනමක් රෝහලේ!

4 years ago

කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටි කෙලියකින් තුවාලලත් හිමිවරුන් දෙනමක් රෝහල්ගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම විහාරස්ථානයෙන් නායක හිමි නමක් විසින් කළුතර-උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පහර කෑම බැඳීම හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ එම විහාරස්ථානයේ වැඩ වසන වයස අවුරුදු දහ අටක් වූ හිමිවරුන් දෙනමකි.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම මීට මාස දෙකකට පමණ අපවත් වී ඇති අතර උන් වහන්සේට හිමි වී තිබූ දේපළ සම්බන්ධයෙන් හිමිවරුන් අතර ඉන්පසු ඇති වූ ආරවුල් තත්ත්වය මෙම ගැටුමට හේතු වී ඇතැයිද පොලිසිය කියා සිටී.