Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හැංඟිමුත්තන් සෙල්ලම් කළ පිරිමි ළමයෙකු දින හයකට පසු වෙනත් රටකින් හමු වෙයි

4 years ago

හැංඟිමුත්තන් සෙල්ලම් කළ පිරිමි ළමයෙකු දින හයකට පසු වෙනත් රටකින් හමු වුණ පුවතක් බංගලාදේශයෙන් වාර්තා වනවා.

15 හැවිරිදි පිරිමි ළමයෙකු මෙසේ හැංඟිමුත්තන් ක්‍රීඩාවක් අතරතුර බංග්ලාදේශයේ නැව් කන්ටේනරයක් තුළ සැඟවී ඇති අතර, පසු ව කන්ටේනරය අගුළු දමා මැලේසියාව බලා යාත්‍රා කොට ඇති බව සඳහන්.

ඉන්දියා ටයිම්ස් පුවත්පතට අනුව මෙම බංග්ලාදේශයේ තරුණයා ජනවාරි 11 වැනි දින චිතගොං වරාය නගරයේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී යි මෙසේ කන්ටේනරය තුළ සැඟවී සිට ඇත්තේ.

පසුව මෙම කන්ටේනරය මැලේසියාව බලා යන වාණිජ නෞකාවකට පටවා ඇති අතර, එහි දී දින හයකට පසු ජනවාරි 17 වැනි දින පිරිමි ළමයා මැලේසියාවේ බටහිර වරායේ දී එරට බලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.