Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරක්ෂක අංශ සාමාජිකයින්ට සහන මිලට සිමෙන්ති

4 years ago

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා සහන මිලකට සිමෙන්ති ලබාදීමට INSEE සිමෙන්ති සමාගම ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

ඒ ඊයේ (30) ආරක්‍ෂක අමාත්‍යංශයේදී ය. 

ඒ අනුව, INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා විසින් යුද, නාවික සහ ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂකවරුන් වෙත සංකේතාත්මක වවුචර් පත් ප්‍රදානය කිරීම සිදුවිය.

ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න මහතා,  INSEE සිමෙන්ති සමාගම විසින් ලබාදුන් මෙම සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. 

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, INSEE සිමෙන්ති සමාගමේ බාහිර කටයුතු සහ නාලිකා සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර, අධ්‍යක්‍ෂ – වාණිජ නන්දන අමුණුතුඩුව, සාමාන්‍යාධිකාරී – විකුණුම් ෂාෆී ඛාන්, අලෙවි ප්‍රධානී ගයානි පෙරේරා, නාලිකා සංවර්ධන කළමණාකරු මධුර ප්‍රනාන්දු, විධායක – නාලිකා කෝලිත හර්ෂණ සහ ත්‍රිවිධ හමුදාවේ සුභසාධක අධ්‍යක්‍ෂවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.