Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විභාග පරීකෂකගේ වාචාල කට නිසා උසස් පෙළ සිසුවිය අපහසුතාවට පත් වෙයි

4 years ago

මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා කොළ ඉල්ලා සිටි  අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ කම්පනයට පත් වූ නිසා අදාළ විෂය කරුණු අමතක වී ගිය බවත් එම සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ එම විභාග පරීක්ෂකවරයාගෙන්ගේ කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ අවස්ථාවේ මේකී මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්නද දන්නේ නැහැ යැයි කියා එම විභාග පරීක්ෂකවරයා පැවසූ බව සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.

විභාග පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ගුරුවරයා හඳුනන්නේ නොමැති බවත් ඔහු ගැන තොරතුරු කීමට තමා නොදන්නා බවත් සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම පොලිස් නිලධාරියා කීය.