Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෆේස්බුක් පිළිබඳ නවතම අනාවරණය

4 years ago

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි.

ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.

ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා.

එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල ගණන් සියයට 15කටත් වඩා වැඩි අගයකින් ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්.

මෙලෙස ආදායම ඉහළ ගියද වියදම් කප්පාදු කිරීමට ෆේස්බුක් ගෙන ඇති තීරණය මෙතෙක් වෙනස් කර නැහැ.

ඒ අනුව සමාගමේ රැකියා 11,000ක් කපා හැරීමට නියමිතයි. එය ෆේස්බුක් සමස්ත සේවක පිරිසෙන් සියයයට 13ක්. එමගින් ඩොලර් බිලියන 4.6ක් ඉතිරි කර ගැනීම අපේක්ෂා වනවා.

ෆේස්බුක් සමාගම පසුගිය 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් මෙම රැකියා සහ වියදම් කප්පාදුව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.